මේ මෙලෝ රහක් නැති බ්ලොග් එක හැදුවෙ නිකං ඉන්න බැරි කමට. පින්තූර නෑ ලිවිල්ල විතරයි.KASUNSPOT එකේ විවිධාකාරයේ දේවල් ලියන මා කසුන් සංජීව කොඩිකාර.
Pages
▼
Tuesday, August 23, 2011
තවත් එක් කතාවක්තවත් එක් කතාවක්
මම කියවපු කතාවක්නෙ මේ.................................................. අපේ සමාජය විෂමයි! ඒකනෙ "ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි" කියල කිව්වෙ.ඒක දන්නෙ නැති එකා නන්නත්තාරයි.මම ඔයා වගේ නෙමේනෙ? සිතුම් පැතුම් වෙනස්.කොහොම හරී මං වාචාල දොඩවනවද මංද,ඇයි කියන්න ගිය එක නෙමේනෙ කියන්නෙ! අපේ සමාජයතුළ ඉන්නවනෙ මෙහෙම මිනිස්සු කොටසක්! කසාද බැන්දට පස්සෙ සමහර පිරිමි බිරිඳගෙ කටට බයයිනේද? ඒ කියන්නෙ එයා කියන කියන දේ කරන, හරීම බයේ ජීවත්වෙන මිනිස්සු(අනේ මේ කියන්නෙ බිරිඳට ආදරෙන් සළකන හොඳ ස්වාමියොගැන නෙමේ කොන්ද පන නැති එවුං ගැන) ආන්න ඒ වගේ කීප දෙනෙක් එකතු වෙලා එක ගමක පොඩි සංවිධානයක් පිහිටගත්ත.ඔය සංවිධානෙ දවසක් රැස් වෙලා මේ බිරිඳට තියන බය නැති කරගන්න සාකච්ඡා කරනව.(මේ සංවිධානෙ එකතුවෙන්නෙ ගෙදර බිරිඳට හොරා) එකෙක් කියනව "අපි මිට පස්සෙ ගෑණුන්ට බයේ ජීවත් වෙන්න ඕනෙ නෑ! ගෑණු කියන කියන දේ කරන්න අපි උන්ගෙ සේවකයො නෙමේ! අද ඉඳල අපි දිවුරා ප්රකාශ කරගත යුතුයි එය.කවුරුත් එකට මේ ප්රකාශය කියවන්න" දැං අර දිවුරන අතරෙ එක මිනිහෙක් කඩාගෙන බිඳගෙන ඒ පැත්තට එනව. ඇවිත් කටිං හති දම දම මෙහෙම කියනව"හා..හා..හාහ්..අ..ආන්න ඔහෙලගෙ නෝනල මේ පැත්තට එනව.මේක ගැන කවුද ඔත්තුවක් දීල" එතන හිටපු අර සංගමේ සාමාජිකයි හිස් ළූලු අත දුවන්න පටන්ගත්ත. එකෙක් විතරක් ඉතිරි වුණා.ඒ කවුද? ඒ අර පංපෝරි ගහල දිවුරුම් දෙන්න යෝජනා කරපු එකා.ඌට හාට්ඇටැක් හැදිල එතනම මලා.........
මක්කයි ඔහෙලා හිතන්නෙ?මක්කයි ඔහෙලා හිතන්නෙ?
ReplyDelete