මේ මෙලෝ රහක් නැති බ්ලොග් එක හැදුවෙ නිකං ඉන්න බැරි කමට. පින්තූර නෑ ලිවිල්ල විතරයි.KASUNSPOT එකේ විවිධාකාරයේ දේවල් ලියන මා කසුන් සංජීව කොඩිකාර.
Pages
▼
සමයං කතා පිටුව පටන් ගත්තෙ පොඩි විනෝදයක් දෙන්න.ඒක එහෙම වෙයිදැයි සැකසහිතයි||||||||||||||||||||||||||||||||||||||||||||||||මා දන්නා හඳුනන එකෙකි "සයිමා" ඔහු මදක් කලබල කාරයෙකි.ඕනම දේකට කලබල වී කෙදිරිලි නගමින් එහෙමෙහෙ ඇවිදින එක ඔහුගේ සිරිතයි.වැඩක් කිරීමට ගියත් වැඩිකලබලය හේතුවෙන් එය අනාගනී.මෙය දැනහඳුනන ගම්මුන් මොහුට උසුළු විසුළු කරනුයේ "කලබොලයා"යන විකට නාමයද එක්කිරීමෙනි. මොහු පිළිබඳ අංශුමාත්‍රික විවරණයක් මෙමගින් ඉදිරිපත් කරමි. සයිමා ගොවිතැන් කර බඩවියත රැකගනී.මොහුගේ කාර්‍යභාරය නිමකර හැන්දෑ වරුවේ කෙලින්ම සේන්දුවන්නේ නිවසටය.කිසිදිනක රහමෙර තොල නොගාන සයිමා දරුවන් තිදෙනෙකුගේ පියෙකි.ගැහැණු දැරිවියත්,ලොකු පිරිමි දරුවාත්,මද්දුමයාත් එකී දරුවන්ගේ සමන්විතයයි.බිරිඳගැන එතරම් දෙයක් කීමට නැතිවුවත් සයිමා ගැන පැවසීම මාගේ කාර්‍යයයි.සයිමා රෑ කැමෙන් පසු බුලත් විටක් හපමින් බොහෝ රෑවෙන තෙක් විසීම සිරිතයි.වේලපහින් නින්දට යන අඹුදරුවන් මෙන් නිදිමතකාරයෙක් නොවේ සයිමා.සයිමා කෙසේවෙතත් රෑ 12ට පමණ නින්දට යයි.නිදිපැදුරේද මහා කලබලයකි.සයිමා එහෙට මෙහෙට ඇඹරෙයි,සරම ලිහී යළිගැටගසයි,ඒ අතරේ මදුරුවන්ද බැටදේ අසූහාරදහස් නවසිය අනූ නවයට කේන්ති යන සයිමාට එළියෙන් බල්ලෙකුද උඩුබුරණු ඇසේ.බල්ලා එළවීමට නැගිට කළුවරේම යන සයිමාගේ කකුලේ නොහැප්පෙන දෙයක් නැතිතරම්ය.බල්ලා එළවා නිදාගැනීමට යන සයිමාට එකවරම සිහියට නැගෙන්නේ තම එළදෙන ගාලට නොදැමූ බවය.ගිණිහුලක් සොයා එය දල්වාගැනීමට පෑ බාගයක්වත් යන්නේ සයිමාගේ කළබලය නිසාය.හරකා ගාලට දමා ආයේ නින්දට යන්නට සැරසෙන සයිමාට ඇසෙන්නේ එළියේ කුඩ හිල්කරවන වැසිමකබෑවෙන හඬය.ඒත් සමඟම සිහිල් දියදහරාවක් සයිමාගේ මුහුනට පතිත වේ,වහලත් සයිමාටම ගැලපේ.තෙමෙන තැනට බාජන සෙවීමද මහා විප්ලවයකි.එක් තැනකට බාජන තබනවිට තවත් තැනක් තෙමේ.කෙසේහෝ ගමේම බාජන වත් මදිබව සයිමාට හැඟේ.මේ යුද්ධය අවසන් වනවිට නිවස ගඟක් බවට පත්ව හමාරය.කෙසේහෝ අවසානයේ නින්දට යන සයිමාට නිදන්නට වන්නේ පැය බාගයක් පමණි.බිරිඳ විත් ඇහැරවයි.......(කසුන් සංජීව කොඩිකාර)