සාහිත්‍යය පිටුවසාහිත්‍යය පිටුව

"සාහිත්‍යය කන්නද?" ඒ වගේ ප්‍රශ්න නගන අවධියක සාහිත්‍යය ගැන කතා කරන්න ලැබීමත් සතුටක්.සාහිත්‍යය කන්න නෙමෙයි රසවිඳින්නයි.අපේ භාෂාවට ගොඩාක් දියුණු සාහිත්‍යයක් තියනව. ඒ වගේම එමගින් පෝෂණය වන කලාවන් උරුමව තියනව. අද අපරාධකාරයන්,මිලේච්ඡයන්,වංචාකාරයින් බිහිවෙන්න ප්‍රධානම හේතුවක් ඔවුන්ට සංවේදී මනසක් නැති එකයි. ඒ සංවේදී මනස බිහිකරන්නෙ සාහිත්‍යයෙන් හා කලාවෙන්.ගල්පර්වත පවා උණුවුවත් මේ මිනිසුන්ගෙ හිත් උණුනොවෙන්නෙ අන්න ඒ සාහිත්‍යය ,කලාවගැන අවබෝධයක් නැති නිසයි.අතීතයේ අපේ සිංහල ගැමියා එකී රසවින්දනාත්මක සාහිත්‍යය හා කලාව ස්පර්ෂ කළා.ජාතක කතා පොත,පූජාවලිය,ලෝකෝපකාරය වගේ ආගමික මුහුණුවරින් ගොඩනැගුණු නිර්මාණ රසවිඳල සතුටු වුණා.යහපත් ජීවන රටාවට හුරුවුණා. සාහිත්‍යය බිහිවුණේ විශේෂ මාතෘකා ඔස්සෙ ඒ කිව්වෙ ස්වභාවසෞදර්යය,ගැහැණිය,අම්මා,ආගමික පසුබිම වගේ මාතෘකා විවරණය කරමින් මානුෂ හදවතට ලඟාවෙමින් අපේ රචකයා සිංහල කලාකෙත පෝෂණය කලා.අද සල්ලි පස්සෙ දුවන මිනිස්සුන්ට නම් ඒ සාහිත්‍යයේ අගයක් නැහැ.:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::.කසුන් සංජීව කොඩිකාර.

No comments: