Wednesday, August 24, 2011

ගිරා සන්දේශයෙන් බිදක්

දරුණු උලැඟි කෝ නල වන් සිත් සතන කුලූණු සිහිල් මෙත් ගුණ පහවන ලෙසින අරුණු කිරණ රැස් පැතිරී පෙරදිගින පිරුණු තරිඳු රැස් තුරු වියැකෙයි ගුවන ~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`අර්ථය~`~`~`~`~`දරුණුලෙස නැඟී සිටි ක්‍රෝධ ගිනි වැදුණු සිත් සතන්වලින් කරුණා,මෛත්‍රී සිහිල් ගුණ පහ ව යන අයුරින් නැගෙනහිරින් හිරු රැස් පැතිර අහස් කුසේ පිරී තිබූ සඳරැස් හා තාරකා වියැකී යයි~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`උපමාලංකාර ය උපක්‍රමිකව යොදාගෙන කවියා වර්ණනා කරන්නේ සැදැ අසිරිය වියැකෙන ආකාරයයි.

Tuesday, August 23, 2011

කසුනගෙ වල්පල්කසුනගෙ වල්පල්

තවත් මෝඩ වැඩක් ගැන ලිවිල්ලක්
රූප නැති ලිවිල්ල විතරක් තියන මේ බ්ලොග් එකේ තව ගොං කතාවක් ලියන්නයි මේ හදන්නෙ¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤ හොඳට මතක තියාගන්න මේ ලියන්න යන්නෙ ඇත්තම ඇත්ත(100%ක්)කතාවක් කියල. ඒ දවස් වල මම 9 වසරට පා තැබුව විතරයි(ගොඩ වුණේ නෑ) ඒ කියන්නෙ ඉතිං පොඩි එකෙක් නෙවැ.(ඉලංදාරිකං ඇරඹෙන වයස)ඒ දස් වල අපේ ඉස්කෝලෙ නිවාසාන්තර සිංහලෙන් කිව්වොත් sportmeet එක.අපි ඒ කාලෙ බලෙංම තමා ක්‍රීඩාවලට දැම්මොත් දමන්නෙ! ඒ දැම්මත් මොකක්හරි අංචියක් ඇදල ඒකෙං අයින් වෙනව.ඉතිං අපි තරග වලට යන්නෙ නැති එකේ රස්තියාදු කෙල කෙල ඉන්නව. ඒ කාලෙ සල්ලාලකං ඒ කිව්වෙ කෙල්ලො පස්සෙ යන්න පටං ගත්ත කාලෙ නෙමෙයිනෙ! ඉතිං මෙහෙම නිකාං ඉන්නෙක මෙලෝ රහක් නෑ! මමයි වෙඩ්ඩයි(මං වගේම පිස්සෙක් ඌට ඔය නම ලැබුණෙ දවසක් සෙල්ලමකදි "වෙඩිවැද්දෝ" කියාගෙන දුවපු නිසා එදා ඉඳල ඌ වෙඩි වැද්දා කෙටියෙං වෙඩ්ඩා)කම්මැලිකමේ කයිවාරු කෙල කෙල ඉන්නකොට මං කිව්වා"වෙඩ්ඩෝ! මෙහෙම ඉඳලනං හරියනව බොරු ගෙදරවත් පැනගන්න බලමුද?" ඌ කියපි "ගෙදර යන්නෙ කොහොමද යකෝ මුරය යන්න දෙන්නෙ නෑ!ඌ ගේට්ටුව හරස්කරගෙන.....මචං ටාසන්(මට එහෙම කිව්වෙ ඒ කාල ඉඳලම මම සාහිත්‍ය සමිතියේ ටාසන් බාප්පගෙ කටහඩිං අප්සට් සිංඳු කියපු නිසා,උං විතරක් නෙමෙයි සමහර ගුරාලත් කිව්වෙ එහෙමයි)පැනගන්නවනං ක්‍රමයක් තියනව. එහා පැත්තෙ කෘෂිකර්ම කාමරේ ගාවිං කන්ද පාරට පැනල මහපාරට එමු." මාත් ඉතිං ඒකට ගොනා වගේ කැමති වුණා! කියපු විදිහට ෂෝට් කට් දාන්න ගිය අපි කටු ඇනගෙන,කම්බිවැටවල් අස්සෙ රිංගල මහපාරට සේන්දු වුණා.මගේ කකුලත් මොකකද වැදිල තුවාල වුණා!එහෙම මහපාරට ආපු අපි ටවුමට යන්න බස් එකකට අතදැම්මං ඒකෙ ගල් ඉබ්බ පිඹගෙන ගියේ නැතෑ! පස්සෙ මොකද කරන්නෙ පයිංම යන්න වුණා ඒත් එතන ඉඳල පොඩි දුරයි ඉස්කෝල ගේට්ටුවට.කොහොම හරි කවුරුවත් දකීවිය හිතාගෙන ගේට්ටුව පේන මානයට ආපු අපිට පෙනෙන්න වුණේ ඉස්කෝලෙ ඇරපු වග.ළමයි පොදි පිටිං ගෙදර යනව.මොනව කරන්නද ඉතිං අපි දෙන්න එකාට එකා බැණ බැණ පයිංම ටවුමට ගියා....

kasunspot: තවත් එක් කතාවක්තවත් එක් කතාවක්

kasunspot: තවත් එක් කතාවක්තවත් එක් කතාවක්: මම කියවපු කතාවක්නෙ මේ.................................................. අපේ සමාජය විෂමයි! ඒකනෙ "ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි" කියල කි...