මේ මෙලෝ රහක් නැති බ්ලොග් එක හැදුවෙ නිකං ඉන්න බැරි කමට. පින්තූර නෑ ලිවිල්ල විතරයි.KASUNSPOT එකේ විවිධාකාරයේ දේවල් ලියන මා කසුන් සංජීව කොඩිකාර.
Tuesday, August 23, 2011
සෝමෙ අයියගෙ මිදුල!
මම අද හවස් ජාමෙ සෝමෙ අයියගෙ ගෙදර ගියේ උන්දැත් එක්ක පොඩි වැඩක් ගැන කතා කොරගන්ට! මං හෙමිං කඩමණ්ඩිය පහුකොරගෙන අඩිපාර දිගේ යද්දි සිරිමලී නගත් හම්බ වුණෙ නැතෑ! ඒකිට මා දැක්ක ගමං මූණ හංඟ ගන්න මහා යුද්ධයක් කොරන්ට වුණා! මූණ රතූ වෙලා හරියට අපේ තක්කාලි ගෙඩියක් වාගෙ!ඒකි මට මනාපයි! හද්දෙයියං කියන්ට හැදුව කතාවත් තවපොඩ්ඩෙ අමතක වෙනව! කෝමිං කෝම හරි මම සෝමෙ අයියගෙ ගෙදර ළඟට ලං වුණා. ඔහොම එද්දි ඌගෙ මුළු මිදුල පුරාම පොඩි පොඩි වලවල් තියනව මගෙ දෑහිං දැක්ක. වලවල් 51 විතර එතන තිබුණ. ගෙට ගොඩවෙලා බැලින්නං සෝමෙ අඬුහතර උඩ තියං රූප පෙට්ටිය දිහාබලං ඉන්නව පිපිරි! පිපිරි!! රූප පෙට්ටිය දිහා බැලුවම ඒකෙ පින්තූර උඩ යනව, හරහට නැමෙනව, මිනිස්සුන්ගෙ බාගයක් පේනව ඔළුවකෑල්ල යටිං පේනව. ටික වෙලාවක් බලං හිටියම මං දැනගත්ත මූ මේ පනදාගෙන බලන්නෙ කිරිකට් මැච්එක කියල! මං ඇහුව ඇයිබොල මිදුල පුරා අඩියෙං අඩිය වලවල් කියල!හිතාගත හැකිද මූ දුන්න උත්තරේ???????????? "මේ මලහෝන්තුව පේන්නෙ නෑ බොල පැයක් තිස්සෙ ඇන්ටනාව කරකව කව වත්ත වටේ වලවල් හාර හාර ඇවිද්දෙක කොරේ...." හනේ මන්ද!
Subscribe to:
Post Comments (Atom)
1 comment:
පොඩි පොඩි දෝෂත් තීනව සමාවෙන්න!
Post a Comment